හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

විහාරයේ විහාරාධිපති

විහාරයේ විහාරාධිපති

නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

2006 වසරේ පුරප්පාඩු වූ විහාරාධිපති ධූරය වත්මන් විහාරාධිපති පූජ්‍ය පල්ලේතුත්තිරිපිටියේ පියදස්සී ස්වාමීන් වහන්සේට පිරිනැමුණු අතර උන් වහන්සේ  මෙම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය පල්ලේතුත්තිරිපිටියේ ධම්මසිරි නාහිමිපාණන් වහන්සේ, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වන අතර වර්ෂ 1987 ඔක්තෝබර් මස 30 වන දින පැවිදි දිවියට පත් වූ අතර, 1988ජනවාරි මස සිට අධ්‍යන කටයුතු අවසාන කල අතර ශ්‍රී ධර්මෝධය පිරිවෙනට ඇතුළත් වීමෙන් අනතුරුව 1991 වසරේ පිරිවෙන් අවසාන, ප්‍රාචීන ,(1991 වසරේදී ) සමස්ථ ශ්‍රීලංකාවෙන්ම භික්ෂුන් වහන්සේ නමකට පිරි නමන හින්දි ශිෂ්‍යත්වයක් ලබා ( පලමු ස්ථවීරයන් වහන්සේ බවට පත් වෙමින් ) ආග්‍රා විශ්වවිද්‍යාලයට ඇතුලත් වූහ. එම උපාධිය අවසන් කර 1994 වසරේදී  ලංකාවට වැඩම වීමෙනනතුරුව වීමෙන් අනතුරුව විහාරාධිපති ලෙස වැඩ කටයුතු කරන අතරතුර මා හිමිපාණන් වහන්සේ 2006 වසරේදී අපවත් වූහ. 

                  

  2006 වසරේ වත්මන් විහාරාධිපති ධූරය හොබවන පල්ලේතුතිරිපිටියේ පියදස්සි ස්ථවිරයන් වහන්සේට ලැබුනු අතර එතැන් සිට අද දින දක්වා මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය හොබවන්නේ මුන් වහන්සේ විසිනි.

  • 1987.10.30  පැවිද්ද  –    ( වසර 18ක් පැවිද්ද )
  • 1989.05.06  උපසම්පදාව    –    (වසර 20 )
  • 1981.10.07  හින්දි ශිෂ්‍යත්වය  ඉන්දියාවේ ආග්‍රා විශ්ව විද්‍යාලය

1994    – වසරේ ප්‍රථම පත්වීම ලබා ගත් අතර …. වත්මන් අප ශ්‍රී සීලවංශ දහම් පාසල එවකට ආරම්භ කරන ලද්දේ හිටපු විහාරදිපති පල්ලේතුත්තිරිපිටියේ ධම්මසිරි නාහිමියන් වහන්සේ පැවිදි සහොදර
පහල යාගොඩ ආචාර්‍යය ධම්මිත වාගීෂ්වරාචාර්‍යය  ධර්‍මසුභ මහා භික්ෂූන් වහන්සේ විසිනි.එවකට වැඩ සිට් අපවත් වී වදාල ශ්‍රී සීලවංශ නා හිමිපාණන් වහන්සේ නමින් මෙම දහම් පාසල 1940 වසරේ පටන් ආරම්භ කර ඇත.එවකට සිසුන් 100කින් පමණක් ආරම්භ කල දහම් පාසල අද වනවිට සිසුන් 800ක් පමණ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටී.

Scroll to Top