හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

ශ්‍රී ශ්‍රීලවංශ දහම් පාසල

දහම් පාසල් අධ්‍යාපනයෙන් තරුණ සිසුන් සංවර්ධන කරන පින්බිම

වත්මන් අප ශ්‍රී ශ්‍රීලවංශ දහම් පාසල එවකට ආරම්භ කරන ලද්දේ හිටපු විහාරාධිපත් පල්ලේතුත්තිරිපිටියේ ධම්මසිරි නාහිමියන් වහන්සේ පැවිදි සහොදර
පහල යාගොඩ ආචාර්‍යය ධම්මිත වාගීෂ්වරාචාර්‍යය  ධර්‍මසුභ මහා භික්ෂූන් වහන්සේ විසිනි.එවකට වැඩ සිට් අපවත් වී වදාල ශ්‍රී ශ්‍රීලවංශ නා හිමිපාණන් වහන්සේ නමින් මෙම දහම් පාසල 1940 වසරේ පටන් ආරම්භ කර ඇත.එවකට සිසුන් 100කින් පමණක් ආරම්භ කල දහම් පාසල අද වනවිට සිසුන් 800ක් පමණ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටී.

පලමු ශ්‍රේණියේ සිට ධර්‍මාචාර්‍යය දක්වා පන්ති පැවැත්වෙන අතර අත්තනගල්ල අවට අවසන් දහම් පාසල සියල්ල අතර ඉතා දීප්තිමත් දහම් පාසාක් බවට මේ වන විට පත්ව ඇත.මීට අමතරව  සෑම වසරකම අත්තනගල්ල ආසනයේ පවත්වන්නා වු දහම් පාසල් සිසු නිපුණතා තරඟ විභාග රැසකින් ජයග්‍රහණය ලබා ගන්නා අතර සමස්ත ලංකාවේ ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට සමත් වේ.

සිසු දරුවන්ගේ කුසලතා ඔප් නැංවීමටත් පවත්වනු ලබන මාසික ශිෂ්‍ය සමිතිය මඟින්  දරුවන්ගේ දහම් දැනුම , හැකියාව පමණක් නොව සිසුන්ගේ කථිකත්වය සහ සාහිත්‍ය දැනුම වර්ධනයට හේතු වන්නේ  මෙම සමිතියයි.මෙම වැඩදායි අනාගත සිසු පරපුරට දායාද  කිරීම මෙම  කාර්‍යය වල අරමුණයි.

  • වත්මන් විහාරාධිපති පල්ලේතුත්තිරිපිටියේ පියදස්සී ස්වාමීන්වහන්සේ ප්‍රධානාචාර්‍යය ධූරය දරන අතර ගුරු මහත්ම මහත්මීන් දහ හතර දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයක් සිටී.
  • අප දහම් පාසලේ 6 වන ශ්‍රේණියේ සිට ධර්‍මාචාර්‍ය පන්තිය දක්වා පන්ති ආවරණය වන පරිදි ශිෂ්‍ය නායක නායිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නායක මඩුල්ලකින්ද සමන්විත වේ.
  • අප දහම් පාසලේ මෙතෙක් සිංහල මාධ්‍යයෙන් පමණක් පැවැත්වූ අතර ලබන වසරේ ජනවාරි මාසය වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසල පැවැත්වීමට තීරණය කර ඇති බව සතුටින් සිහිපත් කරයි.
  • වත්මන් සමාජයට උචිත වන අයුරින් අදට අත්‍යාවශ්‍යම තාක්ෂණයක් වන මාධ්‍ය ඒකකයක් දැනටමත් ආරම්භ කොට එය මුල් අවධියේ තිබෙන අතර එමඟින්ද සිසුන් අතර කථිකත්වය ඇති කිරීමෙහිලා ආරම්භ කරන ලද්දක් බව සතුටු සිතින් සිහිපත් කරන්නෙමු.

ජායාරුප කිහිපයක්

ගැලරිය

Scroll to Top